ශ්‍රී ලාංකේය නර්තන කලාවේ වත්මන් භාවිතය එක් රාමුවකට කොටුවී තිබීම නර්නතනයේ ඇති බහුවිධ භාවිතයන්ට සහ ප්‍රකාශනයන්ට කළ ඇති සහ සිදු කරනු ලබන බලපෑම කෙසේදරෑ එය නර්තන කලාවේ සමාජීය කියවීමට කෙතරම් බලපෑමක් ඇතිකළ තිබේදරෑ සහ එය කෙතරම් නිශේධනීය ද? සිතන්න ????

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ වත්මන් භාවිතය එක් රාමුවකට කොටුවී තිබීම නර්නතනයේ ඇති  බහුවිධ භාවිතයන්ට සහ ප්‍රකාශනයන්ට කළ ඇති සහ සිදු කරනු ලබන බලපෑම කෙසේද? එය නර්තන කලාවේ සමාජීය කියවීමට කෙතරම් බලපෑමක් ඇතිකළ තිබේද? සහ එය කෙතරම් නිශේධනීය ද? සිතන්න ???? 


සිදු වී ඇති බලපෑම් කොතෙකුත් දැක්විය හැකි නමුත් එක් උදාහරණයකින් හෝ එම බලපෑම්වල ඇති  ගැඹුර සහ  සංකීර්ණත්වය  යම්තාක් දුරට හෝ පෙන්වා දීමට මේ අදහස් ප්‍රකාශනය සිදු කරනු ලැබේ. නර්තකයාගේ මූලික මාධ්‍ය ශරීරයයි.  නමුත් එහි ඇති ගැඹුරු අර්ථ ප්‍රකාශනය, එහි ඇති සුවතාමය ගුණය හා  සංකීර්ණ ප්‍රකාශනයන් ආදිය  සුදුසු පරිදි භාවිතා කරනවාදැයි සහ අවබෝධ කරගෙන ඇත්දැයි ගැටලු සහගතයි.  එය එසේ පැවසීමට හේතුව නම් වත්මන් ශ්‍රී ලාංකේය නර්තන කලාවේ භාවිතය තවමත් ෆැන්ටසියක සිරවී ඇති නිසාය.

<  නර්තනය හුදෙක් ශරීරය නිරූපණය කරමින් මිනිසුන් පිනවන උපකරණයක් පමණක් බවට පත් වී තිබීම. නර්තනය මගින් සතුටක් සහ සෞන්දර්යාත්මක බවක් ඇති කිරීම එහි අරමුණක් විය හැකිය.  නමුත් එය එක් අරමුණක් පමණි. බොහෝ අවස්ථාවන්වල දී ශ්‍රී ලාංකේය  නර්තන ප්‍රසංග, තරගාවලි, නොයෙකුත් උත්සව අවස්ථාවන්වල ඉදිරිපත් කරන නර්තන නිර්ර්මාණ සහ එම නිර්මාණයන් සිදු කරනු ලබන අරමුණ හුදෙක්ම ප්‍රදර්ශනයක් පමණක් බවට පත්වී තිබීම නර්තනය ගැඹුරින් කියවන ඒ දෙස බහුවිධයික දෘෂ්ටි කෝණයකින් බලන ගවේෂකයන්ට ඉතාමත් කනගාටුදායකයන් පුවතක් වීම සාවද්‍ය නොවේද? වත්මනයේ දක්නට ලැබෙන බහුතරයක් නර්තන නිර්මාණ සඳහා භාවිතා කරනු ලබන රංගවස්ත්‍ර කිසිදු  අර්ථාන්විත බවකින් හෝ නර්තකයාගේ චලන කෙරෙහි ගැඹුරු කියවීමක් නොමැතිව භාවිතා කරමින් හුදෙක් රසිකයාගේ සිත තුළ සුන්දරත්වයක්, ආකර්ශනීයත්වයක් හෝ එක් පසෙකින් රැවටිලි සහගත බවක් ඇති කරවීමට  යොදා ගන්නා අංගයක් බවට පත් වී ඇත.   ආනුශාංගික අංගයක් ලෙස භාවිතා කළ යුතු ශරීර ආවරණය චලනයට බාධාවක්වන සහ ශරීරය පිළිබඳව නිවැරදිව අවබෝධයක් නොමැතිව, එමඟින් ඉදිරිපත් කළයුතු නිවැරදි අර්ථයට අවහිරයක් වන අංගයක් බවට පත් වී ඇත.  එය එක් පසෙකින් නර්තකයාට තම ශරීරය චලනය කිරීමට බාධාවක් මෙන්ම, අනෙක් පසින් ශරීරය මගින් ඉදිරිපත් කරන චලනයට ද කිසිදු ප්‍රයෝජනයක් නැති අවස්ථා ද බොහෝමයක් දක්නට ලැබේ. මෙහිදී අප වටහාගත යුත්තේ  නර්තකයාට රංගවස්ත්‍රයක් කුමකටද?  කෙලෙස භාවිතා කළ යුතුද? සහ එහි නිවැරදි  අරමුණ කුමක්ද? යන්න හඳුනාගැනීමයි.  එසේ නොමැති වුවහොත්  ප්‍රේක්ෂකයන් වසඟ කර ගැනීමේ අරමුණින් හෝ රැවටීමේ අරමුණින්  භාවිතා කරන ඉන්ද්‍රජාලයක් බවට පත්ව ඇති වස්ත්‍රය නර්තකයාට කෙතරම් බාධකයක් ද යන වග මොහොතකට හෝ සිතුවාද?

                                                                                                 - කවින්ධ්‍යා බණ්ඩාර-





Comments

Popular posts from this blog

The Future of the Dance World: An Academic Perspective

Dance Body and Artificial Intelligence:

How to Include Creativity into AI and Its Advantages for Dancers