Posts

Showing posts from February, 2022
Image
                                                                      ප්‍රභෘෂ්ට නර්තනය ප්‍රභෘෂ්ට නර්තනය යනු සංතුෂ්ටියට පත්වීමේ අරමුණින් සිදුකරනු ලබන නිදහස් චලන දැක්මකි. නර්තකයා නිශ්චිත චලන ක්‍රමවේදයක් අනුගමනය නොකරයි. නර්තනයේ මූලික අරමුණ වනුයේ ප්‍රීතිමත් හැගීමක් උද්දීපනයවන ආකාරයේ චලන දැක්මයි. ශරීරය තුලින් තමාව හදුනා ගැනීමට සහ භාවනාමය ප්‍රීතියක් සහිත මනසක් ඇති කරගත හැකි චලන ශෛලියකි. ඒ අනුව නර්තනය කිරීම මගින් විවිධ වූ අත්දැකීම් විදීමට අවකාශය ලැබෙනු ඇත. නර්තකයින්ගේ හැගීම් දෘශ්‍යමය ප්‍රසාංගික හැගීමක් ලෙසට නිරූපනය කර හැකිය.විද්‍යාත්මකව ඔප්පු කර ඇති පරිදි මිනිසාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යට උපකාරිවන චලන ශෛලියක්වන බව පිලිගනී. එබැවින් මානසික ආතතිය සමනය කරගත හැකි සුවිශේෂි ක්‍රමවේදයක් ලෙසට දැක්විය හැකිය.  මෙම චලන භාවිතයට නිශ්චිත රීති සමුදායක් නොමැති නමුත් නර්තකයෙකුට තම චලන ඉදිරිපත් කිරීම් නිදහස් ම...

ස්වභාවිකකරණය / Naturalize

Image
ස්වභාවිකකරණය ස්වභාවිකකරණය යනු සාපේක්ෂ ක්‍රියාවලියකි. එනම් ඒ ඒ පුද්ගලයාට අනුව ඔහු හෝ ඇය ජීවත්වන පරිසරය, ආකල්ප, විශ්වාස, ඇදහිලි, අත්දැකීම් මත පදනම්ව ක්‍රියා කිරීමයි.  තම සංස්කෘතියට අයිති දෑ ස්වභාවික ලෙසට ද වෙනත් සංස්කෘතිකාංග අනෙක් දෙය ලෙසත් සැලකීම යන විග්‍රහයට වඩා සංකීර්ණ වූ ක්‍රියාවලියක්  ස්වභාවිකකර ණයේ ඇති බව මාගේ අදහසයි. එනම් එක් රටකට හෝ එක් සංස්කෘතියකට අයත් පුද්ගල කණ්ඩායමක් අතර ද යම් අදහසක් පිලිබදව දරන මතය විවිධාකාර විය හැකිය. එනම් පොදුවේ සිංහල ජනතාව මස් අනුභව කිරීම ආගමික සංදර්භය හා විශ්වාස මත පිහිටා ප්‍රතික්ෂේප කළ ද, සිංහල ජනතාව අතරද බෞද්ධ ආගමික දර්ශනයට අනුව යමින් වුව ද  මස් අනුභව කිරීමට යොමු වි  ඇති පිරිස් ඇත . මෙමගින් පැහැදිලි කිරීමට උත්සහ ගනුයේ ස්වභාවිකකරණය අතර ද පුද්ගල බ්ද්ධ කාරණා අන්තර්ගතවන බව  පෙන්වා දීමයි.  එසේම උදාහරණයක් ලෙසට සිංහල ජනතාවට මස් අනුභව කිරීම, ආශිර්වා ද ය ක් ලෙසට ගෙන අතීතයේ සිට වත්මනය දක්වා පුහුණුවක් ලෙසට පවත්වාගෙන පැමිණියා යැයි උපකල්පනය කළහොත් එය ද  ස්වභාවිකකරණ  ක්‍රියාවලියක් වනුඇත.  ස්වභාවිකකරණය යන්න කා...

නර්තකයා, නර්තන ශිල්පියා සහ නර්තන කලාකරුවා (Dancer, Dance craftsman & Dance artist)

Image
                                                                                නර්තකයා, නර්තන ශිල්පියා සහ නර්තන කලාකරුවා                                        (Dancer, Dance craftsman & Dance artist) නර්තකයා, නර්තන ශිල්පියා සහ නර්තන කලාකරුවා  යන වචන ත්‍රිත්වය  නර්තන ක්ෂ්ත්‍රයේ නිරතුරුවම ඇසෙන්නට ලැබෙන  වචන මාලාවකි.  නමුත් මෙම වචන ත්‍රිත්වයේ  අර්ථය නිරවද්‍යව හඳුනාගනිමින් ඒ ඒ වාච්‍යාර්ථ නිවැරදි සන්දර්භ තුළ භාවිතයට ගන්නවා දැයි මා හට ගැටලු සහගතවන බැවින්  මෙහි භාවිතයන් පිළිබඳව  අදහස් කිහිපයක් පාඨකයාගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට සිතුවෙමි. නර්තනය යනු   ප්‍රාසාංගික කලා  ආකෘතියකි. එහි පදනම දේහ චලනය  ලෙසට හඳුන්වනු ලබයි.  එසේනම්  න...
Image
  Giving life to inanimate Bodies අප් ‍ රාණික ශරීරවලට ජීවයක් ලබාදීම අප් ‍ රාණික ශරීරයකට නැතහොත් අජීවී වස්තුවකට ප් ‍ රාණයක් ලබාදීමට ජීවියෙකුගේ මැදිහත්වීම අතිශය වැදගත් වේ. උදාහරණයක් ලෙස අපි මෙලෙස සිතමු. මේසයක් මත පොතක්, පෑනක්, පැන්සලක් හෝ කවර ආකාරයක අජීවි වස්තුවක් තිබෙනවා යැයි සිතන්න. එම වස්තුව මේසයේ එක් ස්ථානයක ස්ථානගත කර ඇත. එම ස්ථානයේ සිට කවර හෝ අවකාශයකට එම වස්තුව ගමන් කරවීමට නැතහොත් චලනය කරවීමට ප් ‍ රාණියෙකුගේ මැදිහත් වීම අත් ‍ යවශ් ‍ ය බව. ප් ‍ රාණියෙකු ලෙස යම් මානවයෙකු හෝ සත්ත්වයෙකුගේ මැදිහත් වීමක් මේ සදහා භාවිතා කිරීමට සිදුවනවා විය හැකිය. එය කෙසේවුවත් මෙහි දී අවධාරනය කරනු ලබන්නේ නර්තකයෙකු, නර්තන රචකයෙකු ලෙස යම් අජීවි වස්තුවක් සමග චලන රචනයන් සිදු කිරීමේ දී ඒ ඒ නර්තකයා හෝ නර්තන රචකයා විසින් තම නර්තන රචනය සදහා භාවිතා කරන්නට යෙදෙන අජීවි වස්තුව, උපරිම ආකාරයෙන් ප් ‍ රයෝයනයට ගැනීම සදහා නර්තකයෙකු, නර්තන රචකයෙකු ලෙස භාවිතා කළ හැකි ක් ‍ රමවේද මොනවදැයි හදුන්වා දීමටයි. මෙම ක් ‍ රමවේදයන් චලන ගවේශකයෙකු ලෙස මා සිදු කරනු ලැබූ අත්හදා බැලීම්වල ප් ‍ රතිඵලයක් ලෙසට ගෙන එන අදහස් වේ. මෙහිදී ඉදිරිපත...
Image
  ඇලෙක්සැන්ඩර් ශිල්ප ක් ‍ රමය (Alexander technique) ඇලෙක්සැන්ඩර් ශිල්ප ක් ‍ රමය වසර සියයකට වඩා වැඩි කාලයක් ලොව පුරා භාවිතා කෙරූ සහ තවමත් භාවිතා කරනු ලබන අධ් ‍ යාපන ක් ‍ රමවේදයකි. මෙම ශිල්ප ක් ‍ රමය විසිවන සියවසේ මුල් භාගයේ දී Frederick Matthias Alexander විසින් වර්ධනය කරන ලදී. මෙම ක් ‍ රමවේදයෙන් මනුෂ් ‍ යයන් ලෙස දෛනිකව පුරුද්දක් වශයෙන් සිදු කරනු ලබන වැරදි සහගත ක් ‍ රියාකාරකම් නිවැරදි ලෙස පවත්වා ගන්නා ආකාරය පිළිබඳව ඉගැන්වීමක් සිදු කෙරේ. මෙම ප් ‍ රවේශය ඉගෙනීමේ සහ සුව කිරීමේ ක් ‍ රියාවලියක් ද වේ. දෛනික ක් ‍ රියාකාරකම්වල පුරුදු වෙනස් කිරීමට ක් ‍ රියාකරන ක් ‍ රමවේදයක්වන මෙය චලනය වීමේ පහසුව සහ නිදහස, සමබරතාවය, සහාය සහ සම්බන්ධීකරණ වැඩිදියුණු කිරීම සඳහා සරල සහ ප් ‍ රායෝගිකව භාවිතා කළ හැකි මාර්ගයකි. මෙය ප් ‍ රතිකාර හෝ ව් ‍ යායාම මාලාවක් නොවේ. නමුත් මනස සහ ශරීරය නැවත අධ් ‍ යයනය කිරීමක් සිදු කෙරේ. මෙම ක් ‍ රමවේදය මගින් පුද්ගලයෙකුගේ අනවශ් ‍ ය ආතතියන් මුදා හරිමින් ශරීරයෙන් නව සමතුලිතතාවයක් සොයා ගැනීමට උපකාරයක් වේ. උදාහරණ වශයෙන් වාඩිවී සිටීම, වැතිරීම, සිට ගැනීම, ඇවිදීම හ...
Image
 ධ්‍යාන මය ව්‍යූහ සහ දේහ චලන (Types of meditation and body movements) ධ්‍යා නය නොහොත් භාවනාව (Meditation) යනු යම් ජීවියෙකු තම මනස සහ ශරීරය අතර සහසම්බන්ධතාවය මනාව පවත්වා ගැනීමට සඳහා මෙන්ම අවධානය සහ දැනුවත්භාවය ඉහළ තත්ත්වයක් කරා ගෙනයාමට පුහුණු කරවන ශිල්ප ක් ‍ රමයක් වේ.ධ් ‍ යානමය වැඩීම විවිධාකාරය. එනම් ඒවා සිදු කරනු ලබන ක් ‍ රමවේදය අනුව විවිධ වර්ගීකරණයන්ට ලක් කර ඇත. එම වර්ගීකරණයන් අතුරින් කිහිපයක් ලෙස සතිපට්ඨාන ධ්‍යා නය (Mindfulness meditation), ලෝකෝත්තර ධ්‍යා නය (Transcendental meditation), නියමු ධ්‍යා නය (Guided meditation), විපස්සනා ධ්‍යා නය (Vipassana meditation), මෙත්තා ධ්‍යා නය (Loving kindness meditation), චක් ‍ ර ධ්‍යා නය (Chakra/ wheel meditatio), යෝගා ධ්‍යා නය (Yoga meditation), චලන ධ්‍යා නය (Movement meditation), සෙන් ධ්‍යා නය (Zen meditation), තාඕවාදී ධ්‍යා නය(Taoist meditation), චිගොන්ග් ධ්‍යා නය(Qigong meditation), කිතුනු ධ්‍යා නය (Christian meditation) ආදිය නම් කළ හැකිය. ඉහත සඳහන් කර ඇති ධ්‍යා න ක් ‍ රමවේද පුහුණු කරන ආකාරය පිළිබඳව සහ සමස්තයක් වශයෙන් එම ධ්‍යා න ක් ‍ ර...