ප්‍රභෘෂ්ට නර්තනය


ප්‍රභෘෂ්ට නර්තනය යනු සංතුෂ්ටියට පත්වීමේ අරමුණින් සිදුකරනු ලබන නිදහස් චලන දැක්මකි. නර්තකයා නිශ්චිත චලන ක්‍රමවේදයක් අනුගමනය නොකරයි. නර්තනයේ මූලික අරමුණ වනුයේ ප්‍රීතිමත් හැගීමක් උද්දීපනයවන ආකාරයේ චලන දැක්මයි. ශරීරය තුලින් තමාව හදුනා ගැනීමට සහ භාවනාමය ප්‍රීතියක් සහිත මනසක් ඇති කරගත හැකි චලන ශෛලියකි. ඒ අනුව නර්තනය කිරීම මගින් විවිධ වූ අත්දැකීම් විදීමට අවකාශය ලැබෙනු ඇත. නර්තකයින්ගේ හැගීම් දෘශ්‍යමය ප්‍රසාංගික හැගීමක් ලෙසට නිරූපනය කර හැකිය.විද්‍යාත්මකව ඔප්පු කර ඇති පරිදි මිනිසාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යට උපකාරිවන චලන ශෛලියක්වන බව පිලිගනී. එබැවින් මානසික ආතතිය සමනය කරගත හැකි සුවිශේෂි ක්‍රමවේදයක් ලෙසට දැක්විය හැකිය. 

මෙම චලන භාවිතයට නිශ්චිත රීති සමුදායක් නොමැති නමුත් නර්තකයෙකුට තම චලන ඉදිරිපත් කිරීම් නිදහස් මනසකින් සිදු කිරීමට උපකාරීවන හැසිරීම් කිහිපයක් පවතී. ඒවා නම්. මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම, කතා නොකිරීම සහ විනිශ්චය නොකිරිම ආදිය වේ. ප්‍රභෘෂ්ට නර්තනය නම් වූ චලන හැසිරවීම පුහුණු කරවීමේ දී හෝ භාවිතයේ දී අනුමනය කළ හැකි ක්‍රියාපටිපාටියක් ඇත. මෙම උපදේශයන් අනුගමනය කිරීමෙන් වඩා සාර්තක ප්‍රතිපල ලබාගත හැකි වේ. ඒවා නම්. 

               පැහැදිලි අවකාශයක් නිර්මාණය කර ගැනීම

               කවුලු ආදිය අදුරු කිරිම

               සුදුසු සංගීතමය ඛණ්ඩ සකස් කර ගැනීම

               බාධාවක් නොවන බවට වූ පෙර දැනුවත් බවකින් යුක්ත වීම

               මනෝභාවය සකස් කර ගැනීම

               දෑස් සංවෘතව පවත්වාගෙන යාම

               සෙමෙන් ක්‍රමානුකූලව ආරම්භ කිරීම      ආදියයි.


මෙම චලන ක්‍රමවේදය මානව ඉතිහාසයේ සිට වත්මනය දක්වා ක්‍රමිකව පුහුණු  වෙමින් පැමිණ ඇත. ග්‍රීසියේ දියෝනිසියස් දෙවියන්ගේ අනුගාමිකයන් වන මෙනාඩ්වරුන් විසින් ප්‍රගුණ කර පවත්වා ගෙන පැමිණ ඇත.මෙනාඩ්වරුන් යනු දියෝනිසියස්ගේ කාන්තා අනුගාමිකයන් වේ. මෙම ශෛලිය තුළ ෂැමතිස්වාදයේ අධ්‍යාත්මික පරිචයන් තුල ඇති විඥානය වෙනස් කිරීම සදහා ඇති උද්යෝගිමත්,රිද්මයානුකූල බෙර වාදනයක් සහිත අංගයකි.එමෙන්ම ප්‍රීතිමත් පූජනිය නර්තන සම්ප්‍රදායකි. ෂැමතිස්වාදය යනු ආගමික පිලිවෙතකි. මෙමගින් සවිඥානික තත්වයක් හරහා ආත්ම ලෝකයක් යැයි විශ්වාස කරන දෑ සමග අන්තර් ක්‍රියා කිරීමයි. 


1970 දී Gabrielle Roth විසින් මෙම ශෛලිය පුනර්ජීවනය කරන්නට වුණි. ඇයගේ රිද්ම 5 සම්බන්ධ අභ්‍යාසය පදනම් කර ගනිමිනි. රිද්ම 5 යනු ගතික චලන පරිචයකි. තම ශරීරය තුල ජීවත් වීමට පුහුණු කරවයි. නිර්මාණශීලීත්වය, සම්බන්දතා සහ ප්‍රජාව අවුලුවයි. රිද්ම 5 පිළිබදව මෙහි දී ගැඹුරින් සාකච්ඡා නොකරයි. මෙම ක්‍රම්වේදය බටහිර ලෝකයේ ඇති කලා ප්‍රභේද තුළ දක්නට ලැබේ. 1920 දී Paul Nettl සහ Fritz Böhme නැමැති සංගීතඥයින් විසින් මෙම නර්තනය ප්‍රාතමික නොවන බවට තර්ක කරන්නට වුණි. මෙහි දී ප්‍රභෘෂ්ට නර්තනය විනෝදාත්මක නර්තනය (Rave) සහ සමාජ ශාලා නර්තන (Club culture) සමග සංසන්දනය කරන්නට විය. මානවවංශ විද්‍යාඥ Michael J. Winkelman සහ සංගීතඥ upert Till විසින් මෙම නර්තනයේ මූලිකාංග සොයන්නට විය. ඒවා නම් පූජාකර්ම,අධ්‍යාත්මිකතාව සහ උපශමයයි. දාර්ශනික Gediminas Karoblis විසින් ආගමික චරිත්‍රවලට සම්බන්ධ කරන්නට විය.එසේම ඔහුගේ මතයක් වූයේ නර්තනය ප්‍රීතිය සදහා පමණක් සිදු කරන බවයි. මෙලෙස විවිද විද්වතුන් මෙම නර්තන සම්ප්‍රදාය විවිධ අයුරින් වර්ධනය කරන්නට සහ අර්ථ සපයන්නට විය. 


ලොව පුරා ක්‍රියාත්මකවන ආගමික සහ වෙනත් නර්තන සම්ප්‍රදායන් තුල භාවිතා කරනු ලබන අංග අතරින් කිහිපයක් ලෙස, 


                 ඉන්දියාවේ  Rudra shiva නර්තනය

                 කියුබාවේ  Santeria අංගය

                 ඉන්දුනීසියාවේ පූජනීය Balinese නර්තනය      දැක්විය හැකිය. 


නූතන යුගය වන විට එනම් 20වන සියවස මුල් භාගයේ දී ඕස්ට්‍රියානු නර්තන ශිල්පිනියක් වන Grete Wiesenthal ව්සින් වියානාවේ වොල්ට්ස් (Waltz) නර්තනයට කැරකීම්, ප්‍රීතිමත් චලන,නොබැදුනු හිසකෙස් සහ සැහැල්ලු වස්ත්‍ර සහිත ශිල්පීන් ඇතුලත් නර්තන විලාශයක් බවට පත් කරන්නට විය.  එසේම 1970 දී Gabrielle Roth , "Ecstatic Dance" නම් යෙදුම Esalen ආයතනයේ රිද්ම 5 සමග වත්මන් භාවිතයට ගෙන ඒම, 2006 දී Darling Khans විසින් Movement medicine නමින් ප්‍රභෘෂ්ට නර්තන ආකෘතියක් නිර්මාණයක් කරන්නට විය, 2011 දී විද්‍යා සහ පාරිසරික මාධ්‍යවේදී Christine විසින් "The Guardian"  නැමැති ලේඛ්නයක් බ්‍රිතාන්‍ය පුවත්පතක් සදහා ඉදිරිපත් කිරීම ආදිය විශේෂ වේ. සමස්තයක් වශයෙන් ප්‍රභෘෂ්ට නර්තනය Oakland.Berlin, Amsterdam, New York සහ ඉන්දියාව සහ අග්නිදිග ආසියාතික රටවලට ද ක්‍රමක්‍රමයෙන් විකාශනය විය. 


ප්‍රභෘෂ්ට නර්තනය පිළිබදව වූ කෙටි පැහැදිලි කිරීමක් මෙමගින් දක්වා ඇත. එනම්. ප්‍රභෘෂ්ට නර්තන සම්බන්ද මූලික ලක්ශන, උපදේශන සහ ඓතිහාසික විකාශන සම්බන්ද සංක්ශිප්තයක් ද ඒ අතර වේ.


ප්‍රභෘෂ්ට නර්තන  

https://umaya.love/ecstatic-dance/
https://www.google.com/search?q=ecstatic+pricipals+by+michael+j.+winkelmann&rlz=1C1GKLA_enLK725LK725&sxsrf=APq-WBvAvGYl0lP9-7hJI7uQV7fNTyXMDw%3A1646011224017&ei=WCMcYuI32pnj4Q-qyqrACg&ved=0ahUKEwjiw7bSnaH2AhXazDgGHSqlCqgQ4dUDCA4&uact=5&oq=ecstatic+pricipals+by+michael+j.+winkelmann&gs_lcp=Cgdnd3Mtd2l6EANKBAhBGAFKBAhGGABQ4wVYlypg6D5oAnAAeACAAYABiAHkBpIBAzAuN5gBAKABAcABAQ&sclient=gws-wiz

https://www.5rhythms.com/gabrielle-roths-5rhythms/ 

LaMothe. L  Kimere," A History of Theory and Method in the Study of Religion and Dance", 2018


--- කවින්ධ්‍යා බණ්ඩාර ---

Comments

Popular posts from this blog

The Future of the Dance World: An Academic Perspective

Dance Body and Artificial Intelligence:

How to Include Creativity into AI and Its Advantages for Dancers