ඇලෙක්සැන්ඩර් ශිල්ප ක්රමය (Alexander technique)



ඇලෙක්සැන්ඩර් ශිල්ප ක්රමය වසර සියයකට වඩා වැඩි කාලයක් ලොව පුරා භාවිතා කෙරූ සහ තවමත් භාවිතා කරනු ලබන අධ්යාපන ක්රමවේදයකි. මෙම ශිල්ප ක්රමය විසිවන සියවසේ මුල් භාගයේ දී Frederick Matthias Alexander විසින් වර්ධනය කරන ලදී. මෙම ක්රමවේදයෙන් මනුෂ්යයන් ලෙස දෛනිකව පුරුද්දක් වශයෙන් සිදු කරනු ලබන වැරදි සහගත ක්රියාකාරකම් නිවැරදි ලෙස පවත්වා ගන්නා ආකාරය පිළිබඳව ඉගැන්වීමක් සිදු කෙරේ. මෙම ප්රවේශය ඉගෙනීමේ සහ සුව කිරීමේ ක්රියාවලියක් ද වේ. දෛනික ක්රියාකාරකම්වල පුරුදු වෙනස් කිරීමට ක්රියාකරන ක්රමවේදයක්වන මෙය චලනය වීමේ පහසුව සහ නිදහස, සමබරතාවය, සහාය සහ සම්බන්ධීකරණ වැඩිදියුණු කිරීම සඳහා සරල සහ ප්රායෝගිකව භාවිතා කළ හැකි මාර්ගයකි.


මෙය ප්රතිකාර හෝ ව්යායාම මාලාවක් නොවේ. නමුත් මනස සහ ශරීරය නැවත අධ්යයනය කිරීමක් සිදු කෙරේ. මෙම ක්රමවේදය මගින් පුද්ගලයෙකුගේ අනවශ්ය ආතතියන් මුදා හරිමින් ශරීරයෙන් නව සමතුලිතතාවයක් සොයා ගැනීමට උපකාරයක් වේ. උදාහරණ වශයෙන් වාඩිවී සිටීම, වැතිරීම, සිට ගැනීම, ඇවිදීම හා එසවීම සහ අනෙකුත් දෛනික ක්රියාකාරකම් නම් කළ හැකිය.


ඇලෙක්සැන්ඩර් ශිල්ප ක්රමය හරහා නැතහොත් එය ඉගනිම මගින් මානව ශරීරයේ මාංශ පේශි පද්ධතිය සහ අස්ථි පද්ධතිය අතර සම්බන්ධීකරණ ක්රියාවලිය අවබෝධ කරගනිමින් ශරීරයේ ඇතිවිය හැකි වේදනාකාරී තත්වයන් මගහරවා ගැනීමට උපකාරී වේ. එසේම මෙම ක්රමවේදය පුහුණු කිරීම මගින් ක්රීඩක ක්රීඩිකාවන්, ගායකයින්,නර්තන ශිල්පීන් සහ සංගීතඥයින් ද තම හුස්ම ගැනීමේ ක්රියාවලිය, කටහඩ නිෂ්පාදනය, චලනය වේගය සහ නිරවද්යතාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබේ.


බොහෝ දෙනකු තුළ ආතතිගත රටා සහිත පුරුදු පවතී. එම පුරුදු සවිඥානිකව හෝ අවිඥානිකව තම ජීවන රටාවේ පුරුද්දක් ලෙසට පවත්වාගෙන යනු ලබයි. නමුත් එලෙස සිදු කරනු ලබන ආතතිගත රටා සහිත පුරුදු තම ජීවිතයෙන් ඉවත් කරන ආකාරය පිළිබඳව මෙම ක්රමවේදය මගින් ඉගෙනගත හැකි අතර තම ජීවන පැවැත්ම සහ ක්රියාකාරකම්වල ප්රශස්ත තත්ත්වයකට යොමු කිරීමේ හැකියාව වර්ධනය කරයි. එනම් අවම උත්සාහයකින් සහ වැඩි පහසුවකින් දෛනික ක්රියාකාරකම් කරන ආකාරය පුහුණු කරවයි.


නර්තකයෙකු ලෙස මෙම ශිල්ප ක්රමය පුහුණු කරවීමෙන් ඔහු හෝ ඇය සිදු කරනු ලබන වැරදි සහගත චලන රටා සහ ඉරියව් පිළිබඳ දැනුවත් භාවය ලබා ගැනීමටත්, වෙනස් කිරීමටත්ස හ චලනයේ නිදහස් බව සොයා ගැනීමටත් හැකියාව ලැබෙයි. නර්තකයෙකු තමා සිදු කරනු ලබන නර්තන සම්ප්රධායට අනුකූල ලෙස ඒ ඒ චලනයන් ඉහළ මට්ටමේ කුසලතාවයන් සහිතව ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි. එහි ප්රතිඵලයක් වශයෙන් නර්තකයෙකුට මුහුණ දීමට සිදුවන ශාරීරික ආබාධ තත්ත්වයන් බොහෝමය. නමුත් ලෙක්සැන්ඩර් ශිල්ප ක්රමය පිළිබඳව ඉගෙනීම මගින් එලෙස මුහුණ දීමට සිදුවන විවිධ ශාරීරික ආබාධ තත්ත්වයන් පාලනය කර ගැනීමට අත්යවශ්ය අවබෝධය සහ දැනුම ලබාගත හැකිය.
- කවින්ධ්යා බණ්ඩාර -







Comments

Popular posts from this blog

The Future of the Dance World: An Academic Perspective

Dance Body and Artificial Intelligence:

How to Include Creativity into AI and Its Advantages for Dancers