ස්වභාවිකකරණය / Naturalize

ස්වභාවිකකරණය


ස්වභාවිකකරණය යනු සාපේක්ෂ ක්‍රියාවලියකි. එනම් ඒ ඒ පුද්ගලයාට අනුව ඔහු හෝ ඇය ජීවත්වන පරිසරය, ආකල්ප, විශ්වාස, ඇදහිලි, අත්දැකීම් මත පදනම්ව ක්‍රියා කිරීමයි. තම සංස්කෘතියට අයිති දෑ ස්වභාවික ලෙසට ද වෙනත් සංස්කෘතිකාංග අනෙක් දෙය ලෙසත් සැලකීම යන විග්‍රහයට වඩා සංකීර්ණ වූ ක්‍රියාවලියක් ස්වභාවිකකරණයේ ඇති බව මාගේ අදහසයි. එනම් එක් රටකට හෝ එක් සංස්කෘතියකට අයත් පුද්ගල කණ්ඩායමක් අතර ද යම් අදහසක් පිලිබදව දරන මතය විවිධාකාර විය හැකිය. එනම් පොදුවේ සිංහල ජනතාව මස් අනුභව කිරීම ආගමික සංදර්භය හා විශ්වාස මත පිහිටා ප්‍රතික්ෂේප කළ ද, සිංහල ජනතාව අතරද බෞද්ධ ආගමික දර්ශනයට අනුව යමින් වුව ද මස් අනුභව කිරීමට යොමු වි ඇති පිරිස් ඇත. මෙමගින් පැහැදිලි කිරීමට උත්සහ ගනුයේ ස්වභාවිකකරණය අතර ද පුද්ගල බ්ද්ධ කාරණා අන්තර්ගතවන බව  පෙන්වා දීමයි. 


එසේම උදාහරණයක් ලෙසට සිංහල ජනතාවට මස් අනුභව කිරීම, ආශිර්වාක් ලෙසට ගෙන අතීතයේ සිට වත්මනය දක්වා පුහුණුවක් ලෙසට පවත්වාගෙන පැමිණියා යැයි උපකල්පනය කළහොත් එය ද ස්වභාවිකකරණ ක්‍රියාවලියක් වනුඇත. ස්වභාවිකකරණය යන්න කාලයත් සමග පුහුණුවන්නක් වන අතරම කාලයත් සමග වෙනස් වීමට ද ඉඩ ඇත. එබැවින් ස්වභාවිකකරණය යන්න සාපේක්ෂ, වෙනස්වන සුලු, කාලයත් සමග පුහුණු වෙමින් පවත්වාගෙන ආ, පුද්ගල බද්ධ ක්‍රියාවලියක් ලෙසට හදුන්වා දිය හැකිය.







Comments

Popular posts from this blog

The Future of the Dance World: An Academic Perspective

Dance Body and Artificial Intelligence:

How to Include Creativity into AI and Its Advantages for Dancers