ශ්‍රී ලාංකේය සිංහල නර්තන තදාත්මය

            ශ්‍රී ලාංකේය සිංහල නර්තන තදාත්මය 

නර්තන තදාත්මය නැතහොත් නර්තන අනන්‍යතව පිලිබදව අවධානය යොමු කිරීමට ප්‍රතම තදාත්මය නැතහොත් අනන්‍යතව යනු කුමක් දැයි අවබෝධ කර ගැනීම වටී. තදාත්මය නොහොත් අනන්‍යතව පිලිබදව විවිධ ශබ්දකෝෂවල ඇතුලත් කර ඇති නිර්වචන ඇසුරෙන් පැහැදිලි කර ගනිමු.

කේම්බ්‍රිජ් ශබ්දකෝශයට අනුව අනන්‍යතාව යනු පුද්ගලයෙකුගේ නම සහ ඔහු කවුරුන්ද යන්න පිලිබද වෙනත් කරුණු වේ.

"A person's name and other facts about who they are"

මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝශයට අනුව  අනන්‍යතාව යනු යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අන් අයට වඩා වෙනස් කරනු ලබන ගුණාංග සහ විශ්වාසයන් වේ.

"the qualities, beliefs, etc., that make a particular person or group different from others"

ඒ අනුව අනන්‍යතාව යන්න කවර ආකාර වේදැයි අවබෝධ කරගත හැකිය.

විවිධ වර්ගයේ අනන්‍යතාවන් ඇත. එනම්, සමාජ අනන්‍යතාව,සංස්කෘතික අනන්‍යතාව,ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව සහ ජාතික අනන්‍යතාව ආදිය කිහිපයක් ලෙසට දැක්විය හැකිය. මෙම වර්ගීකරණයන් අතුරින් සංස්කෘතික අනන්‍යතාව පිළිබදව අවධානය යොමු කරමින් නර්තන තදාත්මය පිලිබදව අවබෝධ කර ගැනීම වටි.


සංස්කෘතිය යනු ජීවන රටාවයි. එසේ නොමැති නම් Edward B. Tylor අර්ථකතනය කර ඇති පරිදි දැනුම, ව්ශ්වාසයන්, කලාවන්, සදාචාරය,නීතිය, සිරිත් විරිත් සහ ඕනෑම දෙයක් විසින් අත්පත් කරගත් හුරු පුරුදු ඇතුලත් සංකීර්ණ සමාජ සමස්තයකි.

ඒ අනුව සංස්කෘතික අනන්‍යතාව නොහොත් තදාත්මය යනු අප ජීවත්වන සමාජයේ සිටින ප්‍රජාවගේ විශ්වාසයන්,සාරධර්ම,හැසිරීම් ආදිය අවබෝධ කර ගැනීම,අර්ථ නිරූපණය හෝ අනුගමනය කිරීම නිසා වර්ධනයවන පුද්ගලික අනන්‍යතාවක් තීරණයවන අංගයකි. එසේත් නොමැති නම් ගතික සහ නිරතුරුවම පරිණාමය වන්නකි. කාලීනව වෙනස් වෙමින් කාලයත් සමග ස්වභාවීකරණයකට ලක්වන හර පද්ධතියක් ලෙස හැදින්විය හැක.

ශ්‍රී ලාංකේය සිංහල නර්තන තදාත්මය යටතේ පැහැදිලි කිරීමට අපේක්ෂා කරනුයේ  ශ්‍රී ලාංකේය සිංහල නර්තන තදාත්මය සැබෑ ලෙසටම විනිවිද බවකින් නොහොත් පැහැදිලි  බවකින්  යුක්ත්  අනන්‍යතාවක් සහිතව ගොඩනැගී ඇති කලාවක් දැයි සාකච්ඡා කිරීමටය.  

ශ්‍රී ලාංකේය වත්මන් සිංහල නර්තන කලා වර්ගීකරණයනට අනුව ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයක් ප්‍රායෝගික භාවිතයෙ ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එනම්, උඩරට, පහතරට සහ සබරගමු යනුවෙනි.අප ව්‍යවහාරයේ දී මෙම නර්තන සම්ප්‍රදායන් ශ්‍රී ලාංකේය නර්තන අනන්‍යතාවක් ලෙසට ගනිමින් සෙසු සමාජ කණ්ඩායම්වල පවතින නර්තන කලාවන් අතුරින් සුවිශේෂි බවක් ඇති බවට විශ්වාස කරයි. එමෙන්ම සුවිශේෂි බවක් ඇති බවට මා ද විශ්වාස කරනු ඇත. නමුත් මෙම විශ්වාසයට යම් ආකාරයක බාධාවක් ඇති කරන කරුණක් වේ. එනම් අපට පූර්ණ වශයෙන් අනන්‍යතාවක් ගොඩනගා ගැනීම විය හැකි තත්වයක් ද සහ එය එලෙස වීම ප්‍රායෝගික ද යන තර්කය හේතුවෙනි. එබැවින්  ශ්‍රී ලාංකේය සිංහල නර්තන තදාත්මයේ බහුරුත්භාවයක් ඇති බව මාගේ අදහසයි. බහුරුත්භාවය යනු අපැහැදිලි සහ විනිවිද බවක් නොමැති  තත්වයකි. 

අනන්‍යතාව තනිව ගොඩනගාගත නොහැකි තත්තවයකි. මතුපිටින් නිරීක්ෂණය කෙරූ විට යම් කුමන හෝ දෙයක සුවිශේෂීත්වයක් තිබෙන බවක් පෙනී ගියද, ඒ පිළිබදව ගැඹුරින් අධ්‍යනය කොට බලන විටදී අනන්‍යතාව පිටුපස සැගවී ඇති බහුරුත්භාවයක් ඇත. 

උදාහරණයක් ලෙස අප පුද්ගලික අනන්‍යතාවක් ලෙසට සළකන පුද්ගල නාමය දෙස මතුපිටින් බැලූ කළ තනි බවක් නොහොත් ඒකත්වයක් ඇති බවක් පෙනී ගියද ඒ පිළිබදව ගැඹුරින් අධ්‍යනයකොට බැලීමෙන් පැහැදිලිවනුයේ පුද්ගල නාමය නැමැති අප සාමන්‍යයෙන් අර්තකථනය කරනු ලබන අනන්‍යතවය පිටුපස බහුරුත්භාවයක් නොහොත් අනන්‍යතවය පිටුපස නොගැලවිය හැකි සම්බන්ධතා ජාලයක් ඇති බවයි. එනම් පුද්ගලයෙකුගේ නාමය පිටුපස ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන් ස්ථානගතව ඇති බවයි. 

කවින්ධ්‍යා බණ්ඩාර නම් නාමය සළකා බැලුවහොත්, බණ්ඩාර නම් වූ නාමය ශ්‍රී ලාංකේය සංස්කෘතියට අනුව තම පියාගෙන් පරම්පරිකව පවත්වගෙන  පැමිණි නාමයක් වීම. මෙය එක්තරා ආකාරයක අනන්‍යතවයේ සරලම තත්තවකි. නමුත් මෙම තත්ත්වය ජාතික මට්ටමෙන් හෝ සංස්කෘතිකමය වශයෙන්  අධ්‍යනය කොට බැලීමෙන් පැහැදිලි වනුයේ අනන්‍යතවයේ ඇති සංකීර්ණමය ස්වරූපයයි.

ඒ අනුව සංස්කෘතිකාංගයක් ලෙසට සළකනු ලබන කලාව පිළිබදව පොදුවේ සළකා බැලීමෙ පැහැදිලිවනුයේ මා පෙර සදහන් කෙරූ බහුරුත්භාවයක් ඇති බවයි. උදාහරණයක් ලෙස සිංහල නර්තන කලාව පිළිබදව සලකා බැලුවහොත් උඩරට, පහතරට සහ සබරගමුව යන ත්‍රිත්ව සම්ප්‍රදායන්  තුල සිංහලයින්ගේ සම්මත අනන්‍යතවක් පමණක් ඇති බවට නිගමනය කිරීම අපහසු වේ. අවම තරමින් ශ්‍රී ලාංකේය අනන්‍යතවක් පවතින බවට සදහන් කිරීමද ගැටලු සහගතය. මන්ද උඩරට, පහතරට සහ සබරගමු යන සම්ප්‍රදායන් ත්‍රිත්වයේම එහි චලන ස්වභාවය තුල විවිධ සංස්කෘතික ආභාශ ඇති බවට නිරූපණය වන බැවිනි.

මෙය හුදෙක් තාර්කික අදහසක් පමණක් බව සඳහන් කිරීමට කැමැත්තෙමි. සිතමු. 

                                - කවින්ධ්‍යා බණ්ඩාර -












 





 


Comments

Popular posts from this blog

The Future of the Dance World: An Academic Perspective

Dance Body and Artificial Intelligence:

How to Include Creativity into AI and Its Advantages for Dancers