තපනීය යෝග

තපනීය යෝග






තපනීය  යෝගයේ පළමු ආකාරය වූයේ 1970 ගණන්වල Bikram Choudhury විසින් ආරම්භ කරන ලද Bikram Yoga ය. Bikram Yoga යනු ෆැරන්හයිට් අංශක 105 ක උෂ්ණත්වයක් සහ සියයට 40 ක ආර්ද්‍රතා මට්ටමක් සහිත කාමරයක අභ්‍යාස කරන යෝග ඉරියව් මාලාවකි. ඉතා උණුසුම් හා තෙතමනය සහිත චිත්‍රාගාරයක සිදු කරන ප්‍රබල යෝගයකි. උණුසුම්, තෙතමනය සහිත කාමරයක යෝග අභ්‍යාස කිරීමේ පරමාර්ථය වන්නේ වඩාත් තීව්‍ර ව්‍යායාමයක් සඳහා හෘද ස්පන්දන වේගය වැඩි කිරීම සහ මාංශ පේශි ලිහිල් කිරීමට තාපය ලබා දීම  කැලරි දහනය සහ නම්‍යශීලී ප්‍රතිලාභ ලබා දීමටය. නම්‍යශීලීභාවය සඳහා ව්‍යායාමයකට පෙර “තපනීය” යන යෙදුම එය පැහැදිලි කිරීමට උපකාරී වේ: ඔබේ මාංශ පේශි රත් වූ විට, ඒවා වඩාත් පහසුවෙන් දිගු වන අතර තුවාල වීමට ඇති ඉඩකඩ අඩුය.

තපනීය යෝග  පමණක් නොව පොදුවේ සෑම යෝග අභ්‍යාසයකින්ම ලැබෙන්නා ප්‍රතිලාභ කිහිපයක් ලෙසට, ආතතිය අඩු කිරීමට, මානසික අවපීඩනයට ප්‍රතිකාර කිරීමට, පහළ පිටුපස වේදනාව අඩු කිරීමට සහ ඔබේ හෘද වාහිනී රෝග සහ පරිවෘත්තීය සින්ඩ්‍රෝම් අවදානම අඩු කිරීමට හැකිය


යෝග යනු තනි පුද්ගල අභ්‍යාසයක් බැවින් සෑම කෙනෙකුටම එක් නිවැරදි යෝග අභ්‍යාසයක් ඇති බව පැවසිය නොහැක, නමුත් විවිධ ආකාරයේ උණුසුම් යෝග හරහා තමාට උචිත දේ සොයා ගත හැකිය. තපනීය යෝග විලාස කිහිපයක් පවතී. ඒවා නම් Bikram යෝග, Vinyasa යෝග සහ
මෝක්ෂ යෝග...


Bikram යෝග 1970 ගණන්වල බික්‍රම් චෞද්රි විසින් ආරම්භ කරන ලදි. Bikram යෝග සඳහා 105° ක රත් වූ චිත්‍රාගාරයක පුහුණුවීම් කරයි, එමඟින් සිසුන්ට වඩාත් නම්‍යශීලී බවක් සොයා ගැනීමට, විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට සහ හෘද වාහිනී ව්‍යායාමයක් ලබා ගැනීමට හැකියාව ඇත. Vinyasa යෝග Baron Baptiste විසින් වර්ධනය කරන ලදී, එය Baptiste Yoga හෝ Baptiste Power Yoga ලෙසද හැඳින්වේ. Bikram යෝගයට වඩා වෙනස්ව, Baptiste Yoga Bikram, Iyengar සහ Ashtanga ඇතුළු විලාස කිහිපයක සම්මිශ්‍රණයක් වේ. බැප්ටිස්ට්ගේ යෝග සඳහා කාමර උෂ්ණත්වය සාමාන්‍යයෙන් අංශක 90ක් ලෙස සකසා ගනු ඇත.  මෝක්ෂ යෝග
ටෙඩ් ග්‍රෑන්ඩ් විසින් නිර්මාණය කරන ලද අතර එය එක් එක් පන්තිය සඳහා එකම අනුපිළිවෙල භාවිතා කරයි, නමුත් ගුරුවරයාගෙන් ගුරුවරයා දක්වා භාවිතා කරන ඉරියව් නියාමනය කිරීම අවශ්‍ය නොවේ. මෝක්ෂ පන්ති විනාඩි 90 ක් දිග වන අතර, පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර මනස මධ්‍යගත කිරීමට උත්සාහ කිරීම සඳහා විවේක ඉරියව්වකින් ආරම්භ වේ.

තපනීය යෝගයේ ප්‍රධාන ප්‍රතිලාභ නම්: නම්‍යශීලී බව, හුස්ම ගැනීම, නින්දේ ගුණාත්මක බව, ආතතිය අඩු කිරීම සහ හෘද වාහිණීවල සෞඛ්‍යමත් බව කිහිපයක් ලෙසට දැක්විය හැකිය. කාමරයේ උෂ්ණත්වය යනු මාංශ පේශි ලිහිල් වීමට අඩු කාලයක් ගත වන බවයි. ඵ් අනුව නම්‍යශීලී බව ඇති කිරීමට එය හේතුවක් වනු ඇත. තපනීය යෝග සැසිවල යෙදෙන හුස්ම ගැනීමේ අභ්‍යාස කාලයත් සමඟ පෙනහළු ධාරිතාව වැඩි කිරීමට උපකාරී වේ.


ඕනෑම ආකාරයක තපනීය යෝග අභ්‍යාසයක් කරන විට  බොහෝමයක් දහඩිය දමන අතර එබැවින් පුහුණු වීමට පෙර, අතරතුර සහ පසුව සජලනය කිරීම අතිශය වැදගත්ය. 
 

                                               - කවින්ධ්‍යා බණ්ඩාර -




https://www.mayoclinic.org/healthy-lifestyle/consumer-health/expert-answers/hot-yoga/faq-20058057

https://www.byrdie.com/hot-yoga-5091939

https://www.doyou.com/types-of-hot-yoga/

https://www.livescience.com/what-is-hot-yoga

Gilchrist Amy. "Birkam Hot Yoga And Moksha Hot Yoga For Beginners".2013


Comments